ජාතික යොවුන් සේනාංකය නිපුණතා දිනය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට පමණක් නොව සමස්ත ලෝක තාරුණ්‍යයට ද ස්වකීය නිපුණතා ඔප්නංවා ගනිමින් නිපුණතා පාදක වෘත්තීය අනාගතයකට පිවිසුම් විවර කරමින් ජූලි 15 වැනි දින ලෝක නිපුණතා දිනය ලෙස නම් කෙරුණේ පසුගිය වසරේදීය.තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී සමස්ත තාරුණ්‍යය වෙනුවෙන් නිපුණතා දිනයක් ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ ශ්‍රී ලංකාවටය.

ඒ අනුව මෙවරත් නිපුණතා පිරිපුන් තාරුණ්‍යයක් වෙනුවෙන් කැපවෙමින් ජගත් නිපුණතා දිනය පසුගිය 15 වැනි දා සමරන්නට යෙදුණු අතර එහිදී තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එකේ සැමරීම උදෙසා මූලික දායකත්වය සැපයීය.අමාත්‍යංශ උපදෙස් වලට අනුකූලව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ ස්ථාපිත ජාතික යොවුන් සේනාංකය ද දීප ව්‍යාප්ත මධ්‍යස්ථාන 35 ක ජාලය සමඟින් සක්‍රියව නිපුණතා දිනය සමරන ලද්දේ මහත් අභිමානයෙනි.

දිවයින පුරා පිහිටි තෝරාගත් පාසල් රැසක් ආවරණය වන පරිදි පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කරමින් සහ ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සුවිශේෂ ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කරමින් ජාතික යොවුන් සේනාංකය මෙවර නිපුණතා දිනය සමරන ලදී.

සම්ප්‍රදායික පන්තික කාමර අධ්‍යාපන රටාවෙන් බැහැර වෙමින් නිපුණතා පාදක වෘත්තීය අධ්‍යාපනයක් සහ ඒ තුළින් සාර්ථක වෘත්තිකයකු ලෙස ඉදිරියට ගමන් කළ හැකි ආකාරය පිළිබඳ මෙම දැනුම්වත් කිරීම තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් විය.

සමස්ත වැඩ ලෝකයට උචිත නිපුණතා පිරිපුන් තාරුණ්‍යය ඵලදායීව රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගත හැකි බවත් එහිදී ඕනෑම යෞවනයකුට,යෞවනියකට ඒ සඳහා අවස්ථාව හිමි කර ගත හැකි ආකාරය පිළිබඳත් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීම සිදු විය.

එසේම පාසල් අධ්‍යාපනයෙන් පසු සරසවි අධ්‍යාපනයට වරම් අභිමි වුවත් ජාතික වෘත්තීය සුදුසුකම අදියර 7 දක්වා ගමන් කිරීම තුළින් උපාධිධරයකු ලෙස රැකියාගත වීමට මෙකී නිපුණතා පාදක අධ්‍යාපනයෙන් අවස්ථා උදාකර ගත හැකි ආකාරය පිළිබඳත් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමට සහ ඒ සඳහා ඔවුන් තුළ උද්යෝගයක් ඇති කිරීමටත් මෙම වැඩසටහන හරහා යොවුන් සේනාංකයට හැකි විය. ඉහත දැනුවත් කිරිමේ වැඩසටහන පැවැත්වූ ස්ථානයන් සහ එම වැඩසටහන සඳහා පාසල් සිසු සිසුනවියන් සහභාගි කරවූ විද්‍යාලයන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

නිපුණතා දිනය පිළිබඳ පාසල් දැනුවත් කිරීමේ වැඩ සටහනේ ප්‍රගතිය

 

අනු අංකය

 

මධ්‍යස්ථානය

 

පාසල

 

සිසුන් ප්‍රමාණය

 

දිස්ත්‍රික්කය

 

01  දිවුලපිටිය යොවුන් සේ.පු.ම  කුඩාගම්මාන මහා විද්‍යාලය 70  ගම්පහ
02   දික්වැල්ල යොවුන් සේ.පු.ම  විජිත මධ්‍ය මහා විද්‍යාලය 250   මාතර
03   ගාල්ල යොවුන් පු.ම  ගින්තොට මහා විද්‍යාලය 200   ගාල්ල
04   ගම්පොල යොවුන් සේ.පු.ම  පුස්සැල්ලාව ශුද්ධ ත්‍රිත්ව විද්‍යාලය 110   මහනුවර 
05   නාත්තන්ඩිය යොවුන් සේ.පු.ම  මූර්දු මහා විද්‍යාලය 60   පුත්තලම 
06   බුලත්සිංහල යොවුන් සේ.පු.ම  කෙල්වින් අර් ද සිල්වා මහා විද්‍යාලය- ඉත්තෑපාන 70   කළුතර
07   වාරියපොල යොවුන් සේ.පු.ම  මිනුවන්ගැටේ මහා විද්‍යාලය 150   කුරුණෑගල 
08   දොඩම්ගස්ලන්ද යොවුන් සේ.පු.ම  ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලය 125   කුරුණෑගල
09   අත්තනගල්ල යොවුන් සේ.පු.ම  යටියන මහා විද්‍යාලය 40   ගම්පහ
10   යටිනුවර යොවුන් සේ.පු.ම  මැනික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය 100   මහනුවර
11   නුවරඑළිය යොවුන් සේ.පු.ම  සේනානන්ද මහා විද්‍යාලය 130   නුවරඑළිය
12   හගුරන්කෙත යොවුන් සේ.පු.ම  පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලය 49   මහනුවර
13   වලපනේ යොවුන් සේ.පු.ම  හරස්බැද්ද මහා විද්‍යාලය 46   මහනුවර
14   නාවුල යොවුන් සේ.පු.ම  නාලන්ද මහා විද්‍යාලය 67   මාතලේ
කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

971052
යාවත්කාලින කලේ: 14-09-2015 07:16