ඉසුරු සවිය වැඩසටහන දියත් කිරීම

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය සමඟ ඒකාබද්ධව විදේශ රැකියාවන්හි නියුක්තව සිට දිවයිනට පැමිණෙන පිරිස ව්‍යාපාර ක්ෂේත‍්‍රය කරා යොමු කිරීමේ අරමුණින් ව්‍යවසායාත්මක සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහනේ ප‍්‍රථම අදියර ලෙස දකුණු කොරියාවේ රැකියාවෙහි යෙදී නැවත පෙරළා දිවයිනට පැමිණි 230 ක පිරිසක් තෝරාගනු ලැබු අතර එම වැඩසටහනේ ප‍්‍රථම දැනුවත් කිරීමේ වැඩසටහන 2015 ජුනි 25 වන දින පෙ.ව 10.00 ට බත්තරමුල්ල ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ‍්‍රවණාගාරයේදී විදේශ රැකියා අමාත්‍ය ගරු තලතා අතුකෝරළ මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජි.එස්. විතානගේ මහතා ,තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්මිය,විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ නිලධාරීන් සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිළධාරින් රැසක් සහභාගී වූහ.

වැඩසටහනට සහභාගී වුවන් ව්‍යාපාර ක්ෂේත‍්‍රය වෙත යොමුකරලීම සඳහා පුහුණු හා සහය සේවා සැපයීමේ කටයුතු ඉදිරි දිනයන්හි ක‍්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති අතර ඉදිරියේදී මැදපෙරදිග හා අනෙකුත් විදේශ රටවල රැකියාවෙහි යෙදුනු පිරිස් සදහා ද මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

971046
යාවත්කාලින කලේ: 14-09-2015 07:16