ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

රටක අනාගතය තරුණ පරපුරයි. ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 26% ක් තරුණ පරපුර නියෝජනය කරනු ලබයි. ඔවුන්ට අභිමානයෙන් යුතුව ජීවත් වීම සඳහා තමන්ගේ දැනුම හා කුසලතාවයන්ට උචිත හෝ විකල්ප ආදායම් මාර්ගයකට යොමු වීමට අවශ්‍ය පරිසරයක් රටතුල ස්ථාපිත විය යුතුය.

රාජ්‍ය ආයතන, නිර්මාණය වන්නේ මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙනි. ඒවා ලොකු කුඩා වශයෙන් විවිධ විෂයන් හෝ භූගෝලීය වශයෙන් නිළධාරීන් යටතට පත් කර ඇත්තේ සේවාව ඉහළ සිට පහළට ගලා යෑමේ පහසුව පිණිසය. රාජ්‍ය ආයතනයන්හි කාර්යභාරය විනිවිද අයුරින් දැන ගැනීමේ අයිතියද මහජනතාව සතුය. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වගකීමෙන්ද රාජ්‍ය නිළධාරීන්ට මිදිය නොහැකිය.

තරුණ කටයුතු අමාත්‍යාංශය, ආරම්භක යුගයේ තාරුණ්‍යයට වඩා අද නූතන අවශ්‍යතා වෙනුවෙන් පෙර ගමන් කරුවාගේ වගකීමට උර දිය යුතුය. තාක්ෂණයේ සියලූ ක‍්‍රියාකාරකම්ද සමග නව ජවයකින් ඉදිරියට එන තරුණ පරපුර සැබැවින්ම අනාගතවාදීය. දයාර්දයෙන් යුතුව ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් අද තබන පියවර හෙට වෙනස් වූ ශ‍්‍රී ලංකාවකට අවශ්‍ය අඩිතාලම සකසනු නිසැකය.

ශ‍්‍රී ලාංකීය අනාගත දූ දරුවන්ගේ හැකියා දක්ෂතා සංවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර, ඉටු කරනු ලබන්නේ තරුණ කටයුතු අමාත්‍යංශයයි. උතුර දකුණ යා කරමින් මාර්ග පුළුල්වන්නා සේම ජාත්‍යන්තර තරුණ ප‍්‍රජාවේද සහයෝගය ශ‍්‍රී ලාංකේය තරුණ පරම්පරාවට හිමිවන යුගයක ඇරඹුම උදා වී තිබේ. අනාගතයේදී තාරුණ්‍ය ගොඩනැගීම උදෙසා අප සැවොම වෙහෙසිය යුතු බව මාගේ විශ්වාසයයි. ඒ සඳහා සහය වන සැමට ජාතියේ ප‍්‍රශංසාව හිමි වේ.

නිරෝෂන් පෙරේරා මැතිතුමා
ගරු තරුණ කටයුතු  අමාත්‍ය

කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

933611
යාවත්කාලින කලේ: 14-09-2015 07:16